රතුපස්වල කම්හල වෙන තැනකට
Labels: Gossip, Political News, Sport News 0 commentsතැනකට ගෙනයා යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ..
at 11:34 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද
Labels: Gossip, Sport News 0 commentsශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද(16) දිනදැඩි පොලිස් රැකවරණ මැද්දේ පැවැත්වීමට නියමිතය. ලංකා ඉතිහාසයේ පළමුවරට මැතිවරණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතය. ච්රිකට් ආයතනය සිදුකල ඉල්ලීමකට අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව මීට සහයෝගය පළකරයි.
පොලිස් නිලධාරීන් 150ක් සහ පෞද්ගලික ආරක්ෂකයන් 40 දෙනෙකු මේ නිලවරණයේ ආරක්ෂක රාජකාරීවල නිරතවන බව වාර්තාවේ.
මැතිවරණ දෙපාර්තමේන්තුවේපොදු භාහ්විතයට නොගන්න නිල ලාංජන, ටෙන්ඩර් බහලුම් පෙට්ටි මෙන්ම ජන්ද දායකයන්ගේ ජන්දයේ රහස්‍ය භාවය රැකෙන පරිදි කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නමුත් මෙහිදී මැතිවරණ දෙපාර්තමේන්තුව සිදුකරන්නේ උපදෙස්ලබාදීම පමණක් බවද වැඩිදුරටත් අවධාරණයකර සිටී.
at 10:01 PM
ඇමරිකාවේ බෝම්බ පිපිරුම් දෙකක්
Labels: Gossip, Int.News 0 comments
ඇමරිකාවේ අද පැවති බෝස්ටන් මැරතන් ධාවන තරගය අතරතුර සිදුවූ බෝම්බ පිපිරුම් දෙකක් හේතුවෙන් 3දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100ට අදික ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි ඒජන්සිවර්තා පවසයි.
පිපිරීම සිදුකර ඇත්තේ ධාවන තරඟය අවසන් කිරිමට සුදානම්වන අවස්ථාවේදීය.
මෙය කුමන අරමුණකින් කවුරුන් විසින් සිදුකළේදැයි නොදන්නා බවත් ඒ පිළිබඳව සෙවීමට සියලු උත්සාහයන් ගන්නා බවත් ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේය.එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ අමෙරිකාවේ ආරක්ෂාව තර කරන බවය.
එසේම මෙය ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.බොස්ටන් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පිපිරුමෙන් අවම වශයෙන් පුද්ගලයින් විශාල පිරිසකගේ දෙපා වලට දැඩි හානි සිදුව ඇති බවය.
සැතැපුම් 26.2 යුත් මැරතන් ධාවන තරගයේ අවසානය නරඹමින් සිටි පිරිස මෙසේ දහවල් 3.00 පමණ ප්‍රහාරයට ලක්වී ඇත.මෙම ප්‍රහාරය විදේශ බලවේග හෝ අභ්‍යනතර ත්‍රස්තවාදයේ ක්‍රියාවක් ද යන කරුණ තවමත් හෙළි වී නැතිබව අමෙරිකානු රජයේ නිලධාරීන් පැවසයි.ජීවිතක්ෂයට පත්වුන් අතර මැරතන් ධාවන තරගය නරබමින් සිටි වයස 8 දරුවෙකුද වේ
at 9:46 PM
එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමූහ දුෂණයට ලක්වේ
Labels: GLN, Gossip, Social News 0 commentsඑකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමූහ දුෂණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මහව දැදුරුඔය ව්‍යාපෘතියේ බැම්ම අසල දී 16 සහ 20 හැවිරිදි වියේ පසු වන එම තරුණියන් දෙදෙනා මුලින්ම පෙම්වතුන් දෙදෙනා විසින් දුෂණය කිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් දුෂණය කර තිබේ.
දුෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා මේ වන විට කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහව පොලීසිය පරීක්‍ෂණ සිදු කරයි.
at 9:32 PM
ඉන්ධන මිල රුපියල් 200 ක් වෙයිද ?
Labels: Gossip, Social News 0 comments
උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ සිදුවුණු ග්‍රහ මාරු රටට සහ ජනතාවට බලපාන්නේ කෙසේද යන්න ගැන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මංජුල පීරිස් මහතා අද දිනයේදී දෙරණ රූපවාහිනියේ විකාශය වූ "පාර කියන තාරුකා" නම් වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවට බලපාන අනාවැකි පැවසුවේය...
එහිදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී ඉන්ධන මිල සහ ජිවන වියදම ඉහල යන බවකි...තවද ඔහු පවසා සිටියේ මෙම උදාවු වසර බිහිසුණු ගිනි අනතුරු සහ රිය අනතුරු ඇතිවෙන වසරක් බවයි
at 3:24 AM
ලෝක රත්රන් මිල පහල බසී. ලංකාවේද මිල පහලයමේ අවදානමක්.
Labels: GLN, Gossip, Social News 0 commentsලෝක වෙලදපොලේ රත්‍රන් මිල සීග්‍රයෙන් පහල බැස ඇත. මීට මසකට පෙර රත්‍රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1500 කට ආසන්නව පවතී අතර අද දින වන විට එය 1385 දක්වා පහත බැස ඇත. මෙය වසර 7කට පසු රන්වල මිල පහලයමේ වීගය වැඩිම අවස්ථාව බව ලෝක වෙළදපොල වාර්තා සදහන් කර සිටී.
at 3:08 AM
දකුණු කොරියාවට වීසා දීම තාවකාලිකව අත්හිටුවයි
Labels: Gossip, Int.News, Political News, Social News 0 comments
උතුරු හා දකුණු කොරියව අතර ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් දකුණු කොරියාව සදහා වීසා නිකුත් කිරීම විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව නවතා ඇති බව වාර්තා වෙනවා.
වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 5000ක් පමණ දකුනුකොරියාවේ රැකියා සදහා පිටත්ව යන බව සදහන්.
at 2:55 AM
මම දුමින්දව නවලෝකෙදී හම්බුනා - රවින්ද්‍ර කියයි.
Labels: Gossip, Political News, Social News 0 comments
පසුගිය කාලයේ දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් තමාට මරණ තර්ජන ඇතැයි මාධ්‍යට කී කොලොන්නාව නගර සභාවේ සභාපති රවින්ද්‍ර උදය ශාන්ත මව්බිම පුවත් පතට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ තමා පසුගිය දා නවලෝක රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියා.
දුමින්ද මට රෝහලේ ඉදල පණිවිඩයක් එවල තිබ්බ එයාව හමුවෙන්න කියල. ඒ අනුව මම කොලබ නවලෝක රෝහලට ගිහින් ඔහුත් එක්ක සුහදව කතා කරා. එය ඒ වෙලාවේ කිව්වේ පරණ ටරහ මරහවල් අමතක කරලා සහෝදරයෝ වගේ ඉමු කියල.
නමුත් දුමින්දගේ රෝගී තත්වය පිලිබදව ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රවින්ද්‍ර උදය ශාන්ත යනු දුමින්ද සහ භාරත ලක්ෂ්මන් අතර පැවති විරසකයෙදී භාරත පිලට සහයදක්වූ අයෙක්.
at 2:44 AM
ඔරුපදින්න ගිය පියාත් පුතත් ඔරුව පෙරලී මරුට
Labels: GLN, Gossip, Social News 0 comments
ඉබ්බාගමුව බතලේගොඩ වැවේ ඔරුපදිමින් සිටි පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් එකම පවුලේ පියා සහ පුතකු මියගිය පුවතක් වාර්තාවේ. 6 දෙනෙකුගෙන් සමන්විත් පිරිසක් විනෝදය සදහා වැවේ ඔරුපදිමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.
මියගිය දරුවාගේ වයස අවුරුදු 4ක් බවද සදහන් වේ.
at 9:11 PM
PSY ගේ නව Gentlmanද වීඩියෝව ලොවපුරා උන්මාදයක්සේ පැතිරයයි
0 comments
ලොව වැඩිම පිරිසක් නැරබූ gangnam වීඩියෝවේ හිමිකරුවන PSY සිය නවතම සංගීත වීඩියෝව ඊයේ අන්තර්ජාලයට මුදාහැරියා. මේවනවිට එය මිලියන 10ක පිරිසක් නරබා ඇති අතර මෙයද ලොව පුරා උන්මාදයක් ලෙස පැතිරයමින් පවතිනවා. ඔහු මෙහිදී නව නර්තන සම්ප්‍රදායක් ඉදිරිපත් කර ඇති අතර එයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව PSY සිය twitter ගිණුම ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියා
at 10:29 PM
Copyright © Rawaya Gossip Lanka News 33000.lk. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks



















.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)





